ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන චමින්ද විජේසිරි මහතා විසින් කරන ලද දේශීය ඉංජිනේරුවන් විසින්, දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන රට තුළ සියල්ල කර ගැනීමට අවශ්‍ය ලෙස අමාත්‍යංශ වෙන් කර තිබුණ ද, මෙරට තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බවත් පවසමින් ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගෙන ඇති ක්‍රියාකාරී වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ දී පිළිතුරු වශයෙන් ලබා දෙමිනි.
එමෙන්ම, ලංගම බස්රථ රැගෙන එම හරහා කල්බදු ක්‍රමයට වාරික ගෙවීම සම්බන්ධයෙන් හේෂා විතාරණ මන්ත්‍රීවරයා කළ පැනයට පිළිතුරු වශයෙන් මොහොත වන විටත් කල්බදු ගෙවීම සම්පුර්ණයෙන්ම අවසාන බවත් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.