වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ හැකියාව විපක්ෂයට තිබෙන නමුත් විශේෂයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ගනුදෙනු කිරීමේ දී අනෙකුත් රටවල් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කටයුතු කරන ආකාරයේ දේශපාලනමය ස්වරුපයෙන් කටයුතු කරන ලෙස මෙහි දී විදේශ අමාත්‍යවරයා විපක්ෂයෙන් විශේෂයෙන් ඉල්ලීමක් කළේය.
එමෙන්ම, පක්ෂ අතර කොතෙක් මතභේද තිබුණ ද ජාත්‍යන්තරව කටයුතු කිරීමේ දී පක්ෂ හා විපක්ෂ එක මතයක සිට කටයුතු කිරීම මාතෘභුමියේ යහපත උදෙසා කටයුතු කිරීමේ දී වඩා වැදගත් වන බවත්, එලෙසින්ම අසල්වැසි රටවල් ඔවුනොවුන් අතර කුමන ප්‍රතිවිරෝධී මතිමතාන්තර ඔවුන්ගේ පාර්ලිමේන්තුවල තිබුණ ද ඔවුන් ජාත්‍යන්තරව කටයුතු කිරීමේ දී එක රටක් ලෙස එක්ව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට උද්ගතව පවතින කොවිඩ් වසංගතය හමුවේ එය වැළක්වීමට ගෙන තිබෙන ක්‍රියාපටිපාටිය උතුරේ සිට දකුණට සියලු දෙනා වෙතම එක ලෙස කටයුතු කිරීමත්, එවන් තත්ත්වයක් හමුවේ පවතින ආර්ථික හා ජාත්‍යන්තර අපහසු තත්ත්වය තුළ වුවද යම් යම් සංවර්ධන කටයුතු මෙරට තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, කලාපීයව හා ප්‍රාදේශීකව බෙදීම් ඇති කරන ක්‍රියාමාර්ග කිසි විටෙක ගෙන නොමැති බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.