මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook

    ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුන්වගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට පියවර

    නොවැම්බර් 25, 2020

    ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් මුහුණදී ඇති ගැටළු වලට පිළියම් ලබාගැනීමේ අරමුණින් කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් (24) දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

    එහිදී ඔවුන් මුහුණදී ඇති ගැටළු පිළිබද ඇමතිවරයා දැනුවත් කල අතර නියාමන කොන්දේසි සහ පාරිසරික කොන්දේසි වලට එකගවත් කර්මාන්තකරුවන්ට සාධාරණයක් වෙන 

    ලෙසත් ඒවා විසදා ගැනීමට සහය ලබාදීමට අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දු විය.

    දැනට ආනයන සිමා කිරීම හේතුවෙන් ලංකාවේ නිෂ්පාදනය කල නොහැකි වර්ගයේ ඇසුරුම්, බෝතල් වැනි නිෂ්පාදන නියාමන නීති වලට එකගව ගෙන ඒමට ඉඩ ලබාදීම, සුවද විලවුන් නිෂ්පාදනයේදී අවශ්‍යවන pump කොටස සදහා පනවා ඇති බදු සදහා සහනයක් ලබාදීම ඇතුළු කර්මාන්තරුවන්ගේ ඉල්ලීම් වලට විසදුම් ලබාදීමට සහ Tetra Pack ආනයනය සහ භාවිතය කිරි ආශ්‍රිත නිෂ්පාදන සදහා පමණක් යොදා ගැනීමට යෝජනා වූ අතර ඒ සදහා සොයාබලා අවසර ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    දැනට අවසර ලබාදී ඇති ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රමාණයන් පිළිබද අමාත්‍යංශ දැනුවත් කරන ලෙසත් ඇසුරුම් නිෂ්පාදකයින්ගේ නාමාවලියක් සකස්කොට එය එළිදක්වන ලෙසත්, පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයත්, කර්මාන්තකරුවනුත් එක්කර ඔවුන්ගේ ගැටළු සාකච්ජා කොට විසදුම් ලබාදීමට ඒකාබද්ධ සංසදයක් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට සහ අමාත්‍යංශයේ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

    මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් සහ නිෂ්පාදකයින් ඇතුළු නිලධාරින් පිරිසක්ද එකව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya