මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට අක්කර 200ක වගා කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිගු බීජ නොමිලේ ලබා දීමේ වැඩ පිළිවෙළක්

    නොවැම්බර් 25, 2020

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 200ක බඩඉරිගු වගා කිරීම සඳහා ගොවීන් පෙළඹවීමේ වැඩ පිළිවෙළක් ඇරඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇත.

    ඒ අනුව එම අක්කර 200ටම අවශ්‍ය බඩඉරිගු බීජ නොමිලේ ගොවීන් වෙත ලබා දීමේ වැඩ පිළිවෙළ හෙට දින (26) මත්තල දී දී සිදු කෙරේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පහළ - මත්තල අක්කර 34ක්, උඩ මත්තල අක්කර 27ක්, අළුත්ගම්ආර අක්කර 29ක්, අගුණකොළවැව අක්කර 14ක් හා මහඅලුත්ගම්ආර අක්කර 14ක් වශයෙන් අක්කර 118කට බඩ ඉරිගු බීජ බෙදා දීම හෙට දින පෙරවරුවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    ඊයේ (24) පරිසර අමාත්‍යාංශයේ දී මේ සඳහා පැැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කලේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා තවත් අවුරුදු හතරක් පහක් යන තෙක් සාමාන්‍ය තත්ත්වයට ජනජීවිත පත්කිරීම අසීරු විය හැකි නිසා මෙම ගෝලීය අර්බුදයේ දී ලෝක ආහාර නිෂ්පාදනය පවා පහත වැටිය හැකි බවයි.

    එමනිසා හැකි තරම් අපේ රටේ ඉඩම්වල ආහාර බෝග වගා කිරීමට මහජනතාව පෙළඹවිය යුතු අතර ඒ සඳහා සෑම අමාත්‍යාංශයක්ම තම විෂය පථයට අදාල නැතත්, තමන්ට හැකි පරිදි පියවර ගත යුතු බව අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් දී ඇති බවයි.

    ඒ අනුව යමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 200ක බඩඉරිගු වගා කිරීමට අවශ්‍ය උසස් තත්ත්වයේ බඩඉරිගු බීජ නොමිලේ ගොවීන් වෙත ලබා දීම තමන් අරඹන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 375ක් මේ වනවිට තෝරා ගෙන ඇති අතර අදියර කිහිපයක් යටතේ ඒ සඳහා ඉල්ලුම් කරන සෙසු පවුල් සඳහා ද බඩඉරිගු බීජ ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya