එම අවස්ථාවට සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය වේදීන් වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
“ප්‍රථමයෙන්ම MAS ආයතනයට ස්තූතිවන්ත වනවා අපගේ අමාත්‍යාංශයත් සමග එක්ව මිලියන 45 ක මුදලක් දේශිය කර්මාන්ත කරුවා ශත්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීම පිළිබදව. නිලවශයෙන් ප්‍රථම ඇණවුම ලෙස ගුරුලේන්තු 3500 ක ප්‍රමාණයක් අද අපට ලබාදීමට හැකිවනවා. මුළු ඇණවුම ගුරුලේන්තු 36000 වන අතර, එම නිෂ්පාදන ක්‍රියාවලියට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම, පවුල් 300 ක දායකත්වයෙන් 2021 ජනවාරි 01 වන දිනට ප්‍රථම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්ත කරුවාද ශක්තිමත් කිරීමට හැකිවනවා. “MAS Intimates” ආයතනය ආදර්ශයට ගෙන අනෙකුත් ආයතන වලටත් මම ආරාධනා කරනවා ඒ සදහා ශක්තියක් වන ලෙස,” යැයි අමාත්‍යවරයා වැඩිඩදුරටත් පැවසීය.
“මැටි කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් ඔබතුමා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි” මෙහිදී මාධ්‍යවේදීන් විසින් විමසා සිටියේය.
එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පවසා සිටියේ, “ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මැටි කර්මාන්තය පමණක් නොව පිත්තල කර්මාන්තය, වේවැල් කර්මාන්තය මෙන්ම අනෙකුත් සියලුම ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම වෙනුවෙන් ආනයනික ආදේශක භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා අප අවශ්‍ය මූලික සැලසුම් සකස්කොට තිබෙනවා, ඒ සදහා මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙන බවද” වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.
මෙම අවස්ථාවට සහභාගී වූ “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල මහතා පවසා සිටියේ,
“ගරු අමාත්‍යතුමා හරියටම මීට සති 07 ට පෙර අප හට දුරකථන ඇමතුමක් ලබාදුන්නා. ඒ අනුව එයින් සති 06ක් ඇතුලත අවබෝධතා ගිවිසුමත් අත්සන් කොට, මෙතරම් ඉක්මනට ඇණවුම ලැබේවි යැයි තමන් කිසි ලෙසකත් බලාපොරොත්තු නොවූ බවත්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙක් ලෙස රාජ්‍ය ආයතනයකින් ඉතා කෙටි කලකින් අදාල කාර්යන් සිදුකිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා හටත් අමාත්‍යාංශ නිලධාරීන්ටත් ස්තූතිය පුදකල යුතුයි. ඒ වගේම අප සතුටු වෙනවා ශ්‍රී ලාංකීය ආයතනයක් වශයෙන් කුඩා කර්මාන්ත නගාසිටුවීමට වෙහෙසෙන අමාත්‍යතුමාටත් අමාත්‍යාංශයටත් ආරම්භයක් ලබාදීමට හැකිවීම පිළිබදව, එමෙන්ම වෙනත් ආයතනත් මේ හා සම්බන්ධ වේවි කියා අප බලාපොරොත්තු වනවා.” යැයි වැඩි දුරටත් පැවසීය.
ආයතනයේ සේවය කරනු ලබන සාමාජිකයින් 36000ක් සදහා නව අවුරුදු තිළිණයක් ලෙස 2021 ජනවාරි 01 වන දිනට ලබාදීමට කටයුතු යොදා ඇති බවද එතුමා සදහන් කලේය.
තමන් හට වසර 20න් මෙවැනි ඇණවුමක් ලැබී නොමැති බව බියගම මැටි ගම්මානයේ කර්මාන්ත කරුවන් මෙහිදි ප්‍රකාශකර සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යක්ෂක සංවර්ධන, ඒ. එම්. ආරිෆ් මහතා, “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ මානව සම්පත් අධ්‍යක්ෂක ඩිනාල් පීරිස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මැටිකර්මාන්ත කරුවන් රැසක්ද සහභාගී විය.