මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook

    මින් ඉදිරියට මෙරටට ගැළපෙන ආයෝජන ගෙන ඒමට පියවර- මෙරට ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවා

    නොවැම්බර් 25, 2020

    මින් ඉදිරියට මෙරටට ගැළපෙන ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බවත්, 1948 සිට මෙරට මෙතෙක් අනුගමනය කරමින් පැවති විදේශ ප්‍රතිපත්තිය දේශපාලනමය ප්‍රතිපත්තියක් බවත් වර්තමානයේ
    විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික විදේශ ප්‍රතිපත්තියක් බවට වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවත් කලාපිය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    ආසියාවේ සියවසර තුළ ඉදිරිකාලයේ දී විශේෂයෙන් දකුණු ආසියානු රටවල් වැඩිම සංවර්ධනයක් සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය. එමෙන්ම, කලාපීය කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍යංශයක් පත්කොට තිබෙන්නේ ආසියානු රටවලට වැඩි අවධානයක් ලබා දීමට බවත්, රටවල් සමඟ සාකච්ඡා කොට මෙරටට ආයෝජන රැගෙන ඒමත්, රටවල් වල තිබෙන ශ්‍රමික වෙළඳපොළ වලට සරිලන රැකියා අවස්ථා ලබා ගැනීමත්, අපනයන බාධා ඉවත් කිරීමත් යන කරුණු විශේෂයෙන් ඉටු කරගැනීමට බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

    ඉදිරියේ දී ජපානය, ඉතාලිය, ඊශ්‍රායලය වැනි රටවල රැකියා අවස්ථා පිළිබඳව සාකච්ඡා කොට මෙරට ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනු ලබන බව ද, විවිධ රටවල පවතින දේශපාලනමය හේතූන් මත මෙරටට ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ දී විවිධ අභියෝග පැමිණිය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කරන ලදුව ශ්‍රී ලාංකිකයින් ලෙස එක් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කිරීම මඟින් අපේක්‍ෂිත ජයග්‍රහණයන් කරා රට ගෙන ය හැකි බව ද ප්‍රකාශ කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya