අයවැය 2021ට අදාළ ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේ දී පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
එමෙන් ම දිස්ත්‍රික්ක 25 තුළ තෝරාගත් පාසල් 25 ක් ජනමාධ්‍ය පාසල් ලෙස නම් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය .
මේ වන විට මාධ්‍ය පාසල් ආරම්භ කිරීම යාපනය වාලච්චේනෙන් අරඹා ඇති බවත්, එකී මාධ්‍ය පාසල් උදෙසා උපකරණ ලබා දීම හා 06 වසරින් පසු දරුවන්ට අවශ්‍ය මාධ්‍ය පසුබිම නිර්මාණය කර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට දරුවන්ගේ මාධ්‍ය හැකියාවන් ඔප්නැංවීමට අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරියේ දී සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
එමෙන්ම, මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ ආයතන සියල්ළ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිට පාඩු ලබන ආයතන බවට පත් කොට ඇති බවත්, එකී ආයතන සියල්ල ලාභ ලබන ආයතන බවට පත් කිරීමට කටයුතු කරනු ලබන බවත් කියා සිටි අතර, මාධ්‍යකරණයේ යෙදෙන නිළධාරීන්ගේ හැකියාවන් ඇති කණ්ඩායම් තෝරාගෙන ඉදිරියේ දී දැක්මක් සහිත වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.
තව ද, මෙරට පවතින කොවිඩ් වසංගතය හමුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉතාම ප්‍රබුද්ධ ලෙස රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ල සම්බන්ධීකරණය කරගනිමින් නිවැරදි තොරතුරු බෙදාහැරීමේ භාරදූර වගකීම නිසියාකාරව ඉටු කරනු ලබන බවත්, නුතන සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගනිමින් මෑත කාලීනව ආරම්භ කරන ලද ඩිජිටල් සංවර්ධනය මඟින් හා සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි මඟින් තොරතුරු දැනගැනීමේ, බෙදාහැරීමේ කාර්යය නිසි ලෙස කරගැනීමට හැකි ව තිබෙන බවත් මෙහි දී සඳහන් කර සිටියේය.
එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් විශාල කාර්යයභාරයක් තම ජිවිත අවදානම ද නොතකා ඉටු කරමින් පවතින අතර ඒ වෙනුවෙන් තම විශේෂ ස්තුතිය පිරිනමනු බව ද, එය සැමගේ අගය කිරීමට ලක් විය යුතු බව ද අමාත්‍යවරයා විසින් මෙහි දී විශේෂයෙන් සඳහන් කර සිටියේය.