එමෙන්ම, ජනමාධ්‍ය විෂය සංකීර්ණ පුළුල් විෂයක් බවත්, එය සම්ප්‍රදායක මාධ්‍ය අවකාශයේ සිට ඉතා පුළුල්ව සංඛ්‍යාත ගත වූ තත්ත්වයකට පත්ව ඇති බවත්, එහෙයින් මාධ්‍ය සම්බන්ධව ජනතාවක් ලෙස, රජයයක් ලෙස විශාල වගකීමක් තිබෙන බවත් කියා සිටී හෙතෙම ඉදිරියේ දී ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් මූලික වශයෙන් ලබාගත යුතු ජයග්‍රහණ රාශියක් තිබෙන බවත්, මෙරට රුපවාහිනී යාන්ත්‍රණය ඩිජිටල් කරණය කිරීමේ ක්‍රියාවලිය නැවත ඇති කිරීමටත්, මාධ්‍ය වෘත්තියකයින්ට වෘත්තීමය භාවය ලබා දෙන ශක්තිමත් තැනට මෙරට ගෙන ආ යුතු බවත් ප්‍රකාශ කර සිටියේය.
තවද, යහපාලන ආණ්ඩුව විසින් කළ මැදිහත් වීම බරපතළ විවේචනාත්මක ඇසකින් බැලිය යුතු වන අතරම එයකි මැදිහත් වීම ආර්ථික හා සමාජීය වශයෙන් ඉතාම ඍණ අගයක් ගත් බවත්, එහෙත් පසුගිය රජයෙන් ගෙන ආ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය බැඳී සිටින අතරම එය ආරක්ෂා කරනු ලබන බවත්, මෙරට නීතිය පක්ෂ, පාට මත නොව නීතියේ ඇති වැදගත්කම මත පමණක් සලකන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.