අද(26) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
23 වනදා පාසල් ආරම්භ වන විට ළමුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක් බවත්, 24 වන දා 44%ක් සහ ඊයේ දින 82% බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් විවෘත කිරීමේ තීරණයට එළඹියේ පුළුල් සාකච්ඡාවකට පසුව බවයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටවම තමා පෞද්ගලිකවමක කතා කළ බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය , විදුහල්පතිවරු ඇතළු සෑම දෙනා සමගම සාකච්ඡා කර ඒ ඒ පළාත් වල තත්වය අධ්‍යනය කර මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා පැවසිය.පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය කටයුතු සඳහා මුදල් ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ අවසරය ලබා දී ඇති බවද අමාත්‍යවරයා කීය.
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙම අභියෝගයට මුහුණ දුන් බවද එහෙත් දෙවතාවක් ප්‍රමාද වූ උසස් පෙළ විභාගය බාධක හමුවේ වුවද පැවැත්වීම සම්බන්ධයෙන් අද එම දෙමව්පියන්ගේ ප්‍රශංසාව හිමි වී ඇතැයිද සඳහන් කළේය.