දේශපාලනමය වශයෙන් තෝරාගෙන 433000 ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධිය ලබා දීමට පසුගිය ආණ්ඩුව වියදම් කොට ඇති අතර ඒ සඳහා සමාජ ආරක්ෂණ අරමුදලින් රුපියල් මිලියන 180 ක මුදලක් ද, බැංකු අරමුදලින් මිලියන 100 ක් ද වශයෙන් පසුගිය රජය විසින් භාවිතා කොට ඇතැයි ද ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ අනුව සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසුකම් ඇති පුද්ගලයින් හට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ අදාළ සහනාධාර ලබා දීමට කටයුතු කරන බවත්, ඊට අදාළ සැළසුම් මේ වන විටත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බවත්, දැනට ඒ සඳහා වෙන් වී තිබෙන රුපියල් බිලියන 45 සීමාව තුළ සිට 2021 වසරේ ආරම්භයේ සිට නිසි ක්‍රමවේදය
අනුගමනය කරමින් සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම, මෙවර අයවැයෙන් සමෘද්ධි ලාභී ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම සඳහා රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කොට තිබේ.
තවද, සමෘද්ධි ව්‍යාපාරය ආරම්භකොට වසර 25 ක් ගත වුව ද සමෘද්ධි නිළධාරීන්ට උසස්වීම් නොලැබුණු බව පිළිගනු ලබන බවත්,ඒ වෙනුවෙන් පොදුවේ සියලුම සමෘද්ධි සංවර්ධන නිළධාරීන් හට සාධාරණයක් වන පරිදි උසස්වීමේ ක්‍රමවේදයක් මේ වන විට සකස්කරමින් තිබෙන බවත්, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අවසන් අනුමැතිය ලද විගස එම තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.