මෙරට සිසුන් බොහෝ පිරිසක් පොදු ප්‍රවාහන භාවිතා කරනු ලබන අතර වර්තමානය වන විට රට තුළ උද්ගතව පවතින කොවිඩ් වසංගතය හමුවේ පොදු ප්‍රවාහන සේවය නිසියාකාරව එය ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව ගැටළුවක් දක්නට ලැබෙන බවත්, ඒ හේතුව නිසා සිසු දරුදැරියන්ගේ ජීවිතවලට ඇති අවදානම මෙන්ම එය වලක්වා ගැනීමට ගෙන ඇති ක්‍රියාමර්ග පිළිබඳව මෙහි දී ප්‍රශ්න කිරීමකට ලක් විය.
එහි දී ඒ මහතා කියා සිටියේ, පසුගිය වකවානුව තුළ අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටී දරුදැරියන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කළ බවත්, ඇතැම් අවස්ථාවල දී එක් දරුවෙකුට පමණක් ප්‍රවාහන සැපයීමට සිදු අවස්ථා ද තිබුණු බවත් කියා සිටී කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේ, අද දිනයේ දී ත් මේ වන විටත් සිසු සැරිය බස්රථ 375 ක් බස්නාහිර හැර දිවයිනේ අනිකුත් ප්‍රදේශ වල ධාවනයට යොමුකොට ඇති බවත්, ඇතැම් ප්‍රදේශ වලින් කරන ලද ඉල්ලීම් වලට අනුව බස්රථ වලට සිටින ළමුන් ප්‍රමාණය හේතුවෙන් අමතර බස්රථ ධාවනයට ද කටයුතු කොට ඇති බවත් ය.
එමෙන්ම, අද දිනයේ ගත් තීරණයකට අනුව ඒ ඒ ප්‍රදේශ වලට යෙදවිය යුතු අවශ්‍ය බස්රථ ප්‍රමාණය පිළිබඳව තීරණ ගැනීමට ඩිපෝ කළමනාකරුවන්ට අවසර ලබා දී ඇතැයි ද, ඒ අනුව යෙදවෙන බස්රථ ප්‍රමාණය ඉදිරියේ දී වැඩි වන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.