එමෙන්ම, පාසල් තුළින් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වෙනුවෙන් ගෙන ඇති පෙර සුදානම ඉතාමත්ම සෑහීමකට පත් විය හැකි තරමේ ඉහළ මට්ටමක පවතින අතරම පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු මඟින් පාසල් මට්ටමේ අධීක්ෂණයට ලක් කෙරෙන ක්‍රමව්දයක් ද ඇති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
කෙසේවුවද, නිරෝධායනයට ලක් වූ දරුවෙකු පාසලට එවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී දෙමාපියන් විසින් වගකීම් සහිතව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් පාසැල වෙත ලබා දීමට කටයුතු කරන බවත් කියා සිටී ඒ මහත්මිය උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස තිබේ නම් කිසිඳු විටෙක පාසලට දරුවන් නොඑවන ලෙසත්, අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමේ අවශ්‍යතාවය දැඩිව පවතින මෙවන්
මොහොතක පවත්නා තත්ත්වය පාලනය කරගැනීමට සියලන්ගේම සහයෝගය ඇතිව ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බවත් ප්‍රකාශ කළාය.
ළමුන් ලෙඩ රෝග බෝ කරන රෝග වාහකයින් නොවන බවත්, දරුවන්ගේ ශරීරයේ පවතින ප්‍රතිශක්තියත් සමඟ ඔවුන් එකවර මිය යාමේ හැකියාවක් නොමැති අතරම දරුවන් අතර සුලභව දක්නට ලැබෙන ක්ලාන්තය වූ විටෙක සිදු වූ ඇද වැටීම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස ද, රටක් ලෙස දරුවන් වෙනුවෙන් මීට වඩා සිතා බැලිය යුතු කාලයක් එළැඹ තිබෙන බව ද ඒ මහත්මිය මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.