මෙහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය හා දැනට රටවල් දෙකෙහි පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී. ශ්‍රි ලංකාවේ පවතින කොවිඩ්- 19 වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බවද චීන තානාපතිවරයා ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ වෙළඳ කටයුතු පිළිබඳ කොන්සල්වරයා වන ලී ගුවන්ජුන් ( Li Guangjum ) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.