මෙහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මෙම නිෂ්පාදන එහි සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා විසින් ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට පිළිගැන්වූ අතර එය රාජ්‍ය අමාත්‍යවරයා විසින් එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වෙත පිළිගන්නවන ලදී.
රුමටික් ,ආතරයිටීස් වැනි ස්වයංප්‍රතිශක්තිකරණ රෝග සඳහා සහ මැලේරිය රෝගීන්ට ලබාදෙනු අතර මෙම ඖෂධයේ එක් පෙත්තක් රු.14.30 මුදලට වැනි මුදලකට වෙළෙඳපොළට ලබාදීමට බලාපොරොත්තු වේ.
ශ්‍රි ලංකාවේ දේශීය ඖෂධ අවශ්‍යතාවෙන් 20% පමණ දැනට දේශීය නිෂ්පාදනය කරනු ලබන අතර එය 50% ක් 75% දක්වා අතර ප්‍රමාණයක් ඉහළ නැංවීමට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය අනුව වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ඖෂධ වෙළෙඳපොළට හඳුන්වා දීම සිදු කර තිබෙනවා. පසුගිය මාස දෙකේ ගැබාපෙන්තීන් ඖෂධයත් ක්ලෝපිඩොග්‍රේල් ඖෂධය අප හඳුන්වා දීම සිදු කළා. සෑම මසකට වරක් නව ඖෂධයක් හඳුන්වාදීමට අපි බලාපොරෝත්තු වෙනවා. මේ තුළින් විශාල විදේශ විනිමයක් රට තුළ ඉතිරි කරගැනීමට හැකිවෙනව. මෙම වැඩ පිළිවෙල දියත් කිරීමත් සමගම අප දැක්කා ඖෂධ මාෆියාවට සම්බන්ධ විවිධ කණ්ඩායම් තමන්ගේ විවිධ ඉත්තන් දමලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා සමාජ මාධ්‍යජාලා මගින් විවේචනය කරනව. නමුත් එම විවේචන කිසිඳු
සාධාරණත්වයක් සිදු වූයේ නෑ. කරුණු දැක්වීමක් සිදු වූයේ නැත. එම වැඩ පිළිවෙළ ජනතා ප්‍රසාදය අහිමිකිරීමක් පමණයි. අපි දන්නවා මේ රටේ සබුද්ධික ජනතාව මෙම වැඩපිළිවෙල සෑම විටම අනුමත කරන බව. රාජ්‍ය අමාත්‍යවරයා මෙම උත්සව අවස්ථාව අමතමින් පැවසුවේය.
මෙම ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 14 ක් වැනි මුදලක් වැය වන අතර වෙළෙඳපොළට රු . 16.60 වැනි මුදලකට නිකුත් කිරීම තුළින් වසරකට රු මිලියන 14.79 ක මුදලක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකිවනු ඇත. මෙම උත්සව අවස්ථාවට සහභාගී වු විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ කොවිඩ් වසංගතයක් වැනි වසංගතයක් පවතින සමයක අප රට තුළ මෙවැනි ඖෂධයන් නිෂ්පාදනයන් කිරීමට හැකිවීම අගය කළ යුතු බවත්, ආතරයිටීස්, සංධි ආබාධ සඳහා SLE සඳහා අධික ලෙස භාවිත කරන අතුරු ආබාධ අඩු හයිඩ්‍රෝක්සි ක්ලොරොක්වින් සල්ෆේට් වැනි ඖෂධයක් නිෂ්පාදනය කර එළිදැක්වීම කාලෝචිත බවත්ය.
මෙම උත්සව අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා, විශේෂ ආරාධිත අමුත්තා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහභාගී විය.