අප රට කොවීඩ් 19 වෛරස් තත්වයට මුහුණ දී තිබෙන අසීරු අවස්ථාවක වුවත් සෞඛ්‍ය අංශවල උපදෙස් වලට යටත්ව වර්තමාන රජය රටේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින්
ජනතාව බලාපොරොත්තු වන සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමේ අරමුණ කරා ගෙන යාමට කටයුතු කරගෙන යනු ඇත.
ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකළ පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධනය විය යුතු පාසල් කිහිපයක ක්‍රීඩා යටිතල පහසුකම් පිළිබදව සොයා බැලීමට පුත්තලම් දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමාගේ ඉල්ලීමකට අනුව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා සහ නිළධාරීන් පිරිසක්
(25) දින ඒ සදහා සහභාගී විය. ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, කරුක්කුව සුගතානන්ද මධ්‍ය මහා විද්‍යාලය, ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය (ක්‍රීඩා
පාසල), රත්නපාල මහා විද්‍යාලය, හැලඹ වටවන ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය, හලාවත ශාන්ත මේරියන්ස් විද්‍යාලය යන පාසල් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකල පාසල්වල වර්තමාන තත්ත්වය හා සංවර්ධනය විය යුතු ක්‍රීඩා යටිතල පහසුකම් පිළිබදව සාකච්ඡා වූ අතර, එම සාකච්ඡාවලදී වර්ථමාන රජය විසින් ග්‍රාමීය හා
පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහාම අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමේ වටිනාකම පිළිබදව ජනාධිපතිතුමාට ස්තූතිය පල කරන ලදි. මෙහිදී පාසල් වල දරු දැරියන්ගේ ක්‍රීඩා
කෞෂල්‍යයන් නංවා ගැනීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ, ක්‍රීඩාංගණ නවීකරණ කටයුතු හා පුහුණුවීම් කටයුතු සිදු කරීම පිළිබදව ප්‍රමුඛ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අභිප්‍රාය වනුයේ පාසල් ක්‍රීඩාංගණ සංවර්ධන කරමින් අනෙකුත් ක්‍රීඩා සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, ක්‍රීඩාව සදහා
දක්ෂ දරුවන් ක්‍රීඩා පාසල් වෙත වැඩි වශයෙන් ඇතුලත් කර ඔවුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත් කිරීමත්, එම දරුවන් යහපත් ආර්ථික
පසුබමික් යටතේ වෘත්තීමය ක්‍රීඩකයින් ලෙස සමාජගත කිරීමත් බව එම අවස්ථාවේදී ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ප්‍රකාශ කර
සිටියේය.