ජීවනෝපාය අහිමි වූ සහ නිරෝධායන වූ පවුල් සඳහා පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ ලබා දීම රජයේ වගකීමක් බවත් රජය එම වගකීම ඉටු කරන බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා නිසි සම්බන්ධීකණයක් යටතේ එම කටයුතු සිදු වන බව සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ සහ මහල් නිවාස වල ජීවත් වන ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති පොලිස් වසම් තුළ මහල් නිවාස වල වෙසෙන පවුල් 8486 ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දි ඇති බවත්, හුදෙකලා කර ඇති පොලිස් වසම් වල පවුල් ඒකක 434776 සඳහාද එම රුපියල් 5000 දීමනාව ලබා දී ඇති බවද පැවසීය.
තවද මේ සඳහා අභියාචනා 31720 ක් දැනට ලැබී ඇති බවත් එම පවුල් සඳහාද එම මුදල ලබා දීමට කටයුතු කරන බව කීය. රු 10,000 බඩු මල්ල පවුල් 9933 කට ලබා දී තිබේ.
කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුකූල වෙමින් මෙම ප්‍රදේශ වල ග්‍රාමසේවා මට්ටමින් එම අත්‍යවශ්‍ය බෙදා දෙන අතර ඒ සඳහා දින කිහිපයක් ගත වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේ රාජ්‍ය නිලධාරින් මෙම සේවය සපයන්නේ මහත් අපහසුවෙන් බවත් සඳහන් කළේය. මේ මොහොතේ ඇතැම් නිලධාරින්
රෝගී වී සහ නිරෝධායනය වී සිටින අතර කොළඹ ප්‍රා දේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් නිරෝධායන වී ඇති බවද කීය.
එහෙත් යම් ප්‍ර දේශයක ජනතාව අපහසුතාවට පත් ව ඇති බව වාර්තා වන්නේ නම් ඒ පිළීබඳව වහාම අදාළ ග්‍රාමසේවකවරයා දැනුවත් කරන ලෙසද අමාත්‍යවරයා පැවසීය.