දේශීය වෛද්‍ය ක්‍රමයේ එන බෙහෙත් රාශියක් පවතින වසංගත තත්වය හමුවේ ජනතාව අද ප්‍රතිශක්තීකරණය වඩවා ගැනීම සඳහා භාවිතා කරමින් සිටින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් කොරෝනා මර්ධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බවද එම ජාතකි කමිටුව මගින් නිර්දේශ කරන දේශිය ඖෂධ භාවිතා කිරීම සඳහා අනුමත කරන බවද සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් එම කමිටුව සඳහා විවිධ ආයුර්වේද වට්ටෝරු රාශියක් ඉදිරිපත් වි ඇති බවත් දේශීය වෛද්‍යවරුන්ගෙන් සමන්විත මෙම කමිටුව එම ඖෂධ වට්ටෝරු පිළිබඳව අධ්‍යනය කරන බවද කීය.
තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක් වීමෙරටට ආවේණික ඖෂධීය ශාඛ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක්ද මේ වන විට ආරම්භ කර ඇති බවත් වාණිජමය වටිනාකමින් යුත් ශාඛ වර්ග වගා කිරීම දිරිගැන්වීමේ අවශ්‍යතාවය හඳුනාගෙන සුවධරණී වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද(27) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර සිටියේය.