කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බද්දක් පැනවීමෙන් රජය ලාංකීය කාන්තාවන් අපහසුතාවයට පත් කර ඇතැයි විවිධ පුද්ගලයන් ප්‍රකාශ මේ දිනවල සිදු කිරීම සම්බන්ධයෙන් අද(27) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.
විදේශයන්ගෙන් ආනයනය කරන කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා මීට පෙර රජය 30%ක බද්දක් අය කළ බවත් එහෙත් එම ආනයන බද්ද 15% දක්වා අඩුකර ඉතිරි 15% සෙස් බද්ක් ලෙස නියම කර ඇතැයිද කිසිම බදු වැඩි වීමක් සිදු කර නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.
දේශීය වශයෙන් නිෂ්පාදිත ඉහළ කාන්තා සනීපාරක්ෂක තුවා ලෝක වෙළෙඳපොළේ පවතින මිළට වඩා අඩු මිළට ලංකාවේ නිෂ්පාදනය කරන බවත් එසේ නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින්ව තම අමාත්‍යංශයට කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.ගම්බද ප්‍ර දේශයන්හි මෙම සනීපාරක්ෂක තත්වයන් පුළුල් කර ඉල්ලුම වැඩි කළේ නම්, එම ඉල්ලුම සපුරාලීමට දේශීය ව්‍යාපාරිකයන්ට හැකියාව ඇති බව ඔවුන් සඳහන් කළ බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට නිෂ්පාදනය කළ හැකි කිසිවක් ආනයනය කිරීමට රජය සූදානම් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ඒ වෙනුවට දේශීය නිෂ්පාදකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බව කීය.