කොරෝනා වසංගතය හේතුවෙන් රෝගී වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට පත්ව ඇති ගැටලු හා අපහසුතා පිළිබඳ මෙහිදී වෘත්තීය සමිති නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ඝෘජුව සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ස්වයං නිරෝධායනය වන කාර්යමණ්ඩලයේ අවශ්‍යතාවල යම් යම් ගැටලු පවතින බවත්,රෝගී කාර්යමණ්ඩලය නිරෝධායනය වන ස්ථානවල මූලික පහසුකම්වල යම් යම් ගැටලු පවතින බවත් වෘත්තීය සමිති නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.
අදාළ ආයතනවල ප්‍රධානීන් සමග රජ්‍ය අමාත්‍යවරයා දුරකථනයෙන් ඝෘජුව සම්බන්ධ වෙමින් එම ගැටලු සඳහා කඩිනම් පියවර ගැනීමට අදාළ ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙන ලදී. මෙම තත්ත්වයෙන් අපහසුතාවයටපත් පවුල්වල ඇති වී තිබෙන ආර්ථික අපහසුතා පිළිබඳව අවධානයට යොමු කරන ලදී. මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවතින බව පෙන්වා දුන් අතර එය විසඳා දෙන ලෙස වෘත්තී සමිතිය විසින් නියෝජිතයන් ඉල්ලා සිටින ලදී.
ඒ පිළිබඳව අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු විය. කොවිඩ් වසංගතය වෙනුවෙන් නිරන්තරයෙන් ඝෘජුව අමාත්‍යංශය සමග සම්බන්ධවන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ගැටලු විසදීම අමාත්‍යංශයේ තම යුතුකම බව අමාත්‍යවරයා පැහැදැලි කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ඩබ්.රෝයි ද මෙල්, උපසභාපති එච්.පී.ඩබ්. පෙරේරා, සෞඛ්‍ය අමාත්‍යංශයේ සුභසාධන නිලධාරී මනෝජ් හේවා විතාරණ මහතා යන සේවකයින් සහභාගී විය.