මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව ප්‍රකාශ කළේ, රජයේ මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා 2020 වසරෙහි රාජ්‍ය ආදායම පිළිබඳව සිදුකළ විමසුමකට පිළිතුරු දෙමිනි.
අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් (26) රජයේ මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර මෙම අවස්ථාව සඳහා රජයේ මුදල් කමිටුවේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ එම්.ඒ.සුමන්දිරන් , ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා , අනුප පැස්කුවල්, සහන් ප්‍රදීප් යන ගරු මන්ත්‍රීවරු සහභාගී වූහ.
ඔවුනට අමතරව,එම රැස්වීම සඳහා එස්.ආර්.ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද ,ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ- ආර්ථික පර්යේෂණ (IPS) ආර්ථික විශේෂඥයන් පිරිසක්ද, විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් ද, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා ද සහභාගී ව සිටියහ.
එම කාරක සභාව මෙසේ රැස්වූයේ, ස්ථාවර නියෝග 121 ට අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති 06 ක් ඇතුළතදී එම මුදල් වෙන් කිරීම රජයේ ප්‍රතිපත්ති සමඟ සමපාත වන්නේද සහ ඇස්තමේන්තුකරණය පිළිබඳව වාර්තාවක් මෙම කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිසය.
අයවැය හා සම්බන්ධ සියලුම දත්ත අතිශය නිරවද්‍ය වීම ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එය ඉදිරි අනාගතයේ මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධව දේශීය හා විදේශීය
වශයෙන් දැඩි ලෙස බලපාන්නක් බවද කාරක සභාවට පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී 2020 වර්ෂයේ ආදායම පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු තබා ගත හැකිදැයි ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන් මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් විමසූ අතර ඔහු වසරේපළවන කාර්තුවෙහි ආර්ථික පසුබෑම සත්‍යයක් නමුත් දෙවන සහ තෙවන කාර්තුව සම්බන්ධ බලාපොරොත්තු අතිශය සුභවාදී බව සිය දත්ත ඇසුරෙන් පෙන්වා දුන්නේය.
එම දත්ත නිවැරදි නම්, මෙරට ආර්ථිකය පවතිනුයේ යහපත් තත්ත්වයක් බව රජයේ රජයේ මුදල් කමිටුවේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ එම්.ඒ.සුමන්දිරන් , ආචාර්ය හර්ෂ ද
සිල්වා, ඩිලාන් පෙරේරා සහ අනුප පැස්කුවල් යන මන්ත්‍රීවරුන් විසින් පිළිගන්නා ලදි.
පැමිණි සිටි සියලු කාරක සභා සභිකයන් විසින් ඉදිරියේදී අයවැයට අදාළ දෙවන වාර්තාව පිළිගැන්වීම සඳහා සිය එකඟතාවයද පළ කළහ.මේ අතර රජයේ මුදල් කමිටුවේ සාමාජිකයන්ව සිටි ගරු මන්ත්‍රී හේෂා විතානගේ සහ ගරු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු කමිටුවෙන් ඉල්ලා අස්ව ඇති බව සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන් විසින් සභාවට දැනුම් දෙන ලදි.