රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ, අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවතී මාධ්‍ය හමුවකදීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා කියා සිටියේ, අධ්‍යාපනයට සම්බන්ධ සියළුම වෘතීය සමිතිවල අදහස් මෙන්ම විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන නිසි ක්‍රමවේදයන් මේ අනුව සකසන බවත් එමඟින් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වට පිටාව සකසා නිසි කලට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පරිසරය සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව ක්‍රියාත්මක කරන බවත්ය.
මෙම ලෝක වසංගත උවඳුර හේතුවෙන් දරුවන්ගේ මානසික මට්ටම පසුබෑමකට ලක් වීමට ඉඩ ඇති බවත්, එම නිසා දරුවන් විවිධ අපයෝජන හා අපචාර වලට ලක්වීමේ වැඩි ඉඩ කඩක් පවතින අතර එම නිසා මුළු සමස්ත සමාජයම දරුවන් එමඟින් මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත්, අප සියළු දෙනාම සාධනීය ගුණාංග පෙන්වා දෙමින් දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවද පැවසීය. දරුවන්ගේ ආරක්ෂාව රජයට පමණක් භාර දී සිටිනවාට වඩා දෙමව්පියන්,ගුරුවරුන්,දේශපාලනඥයින් මෙන්ම සමස්ථ සමාජයම කැපවී ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.