එම සමෘද්ධිලාභීන් වෙනුවෙන් අඩු පොළියට ණය ලබා දීම, උපදේශන සේවා ලබා දීම, තාක්ෂණික දැනුම හා ව්‍යවසායකත්ව පුහුණු ව ලබා දීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අය වැය තෙවැනි වර කියවීමේ හය වන දිනය වන අද දිනයේ අසන ලද වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තවද මෙම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පවත්නා සේවක ගැටළු කඩිනමින් විසඳන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග සාකචඡා කර ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුව ද විසඳීම සඳහා මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසිය.
සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම විශාල ලෙස දේශපාලනීකරණය වී තිබූ බවත් පසුගිය රජය කාර්ය මණ්ඩල අනුමැතියක් හෝ නොමැතිව මැතිවරණ ඉලක්ක කර ගනිමින් විවිධ බඳවා ගැනීම් සිදු කර ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සියල්ල නිවැරදි කිරීමට මේ වන විට රජය කටයුතු කරන බවත් කටයුතු කරන බව පැහැදිළි කළේය.
කිසිම රජයක් නොකළ ආකාරයෙන් මෙම සමෘද්ධි ව්‍යාපාරය දූෂණයකට ලක් කර ඇති බවත් සමෘද්ධි අරමුදල පසුගිය රජය සමයේ අවභාවිතා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විස්තර මේ වන විටත් ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පැහැදිළි කළේය.