නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ඉදි වීමෙන් පසු එක් ප්‍රධාන බලාගාරයක් හෝ මෙරට ඉදි කර විදුලිබල ධාරිතාව වැඩිකිරීමට අපොහොසත් වී ඇතැයි ද අමාත්‍යවරයා කීය. 2021 අයවැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය යටතේ විදුලිබල අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළබඳ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6% ක් බවත් සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලු ම තවදුරටත් සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි විශ්වාස කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ආයෝජකයන්ට අඩු මිළට විදුලිය ලබා දීමට නොහැකි නම් ඔවුන් පිළිබඳව විශ්වාසයක් ඇති කර ගත නොහැකි බවත් ඒ වෙනුවෙන් විදුලි ඒකකයක් සඳහා අවම මිළක් ලබා දීමේ පරිසරය නිර්මාණය වීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබේ එළඹෙන දෙසැම්බර් මස 08 වන දින මන්නාරම පිහිටි මේ රටේ පළමු සුළං විදුලි බලාගාරය ජාතියට දායාද වන බවත් ආයෝජකයන්ට අඩු මිළට විදුලිය ලබා දෙනවා යන පණිවිඩය අප ප්‍රවර්ධනය කළ යුතු බවද විදුලිබල අමාත්‍යවරයා කිය
ආර්ථිකයේ වැඩිපුර මුදලක් වැය කරන්නේ ඉන්ධන දහනය කර විදුලිය උත්පාදනය කිරීමට බවත් එය නතර කර විදුලිය භාවිතයේ විනයක් ඇති කර ගත යුතු බවත් පැවසිය.
තවද කොරෝනා වසංගතය හමුවේ විවිධ බිඳ වැටීම් හමුවේ විදුලි බල මණ්ඩලයේ නිලධාරින් සහ සේවකයන් කර කාර්ය භාරය අගය කිරීමටද මෙය අවස්ථාවක් කර ගන්නා බවද කීය.