පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ බලපත්‍ර හිමි ඉඩම් සඳහා ඔප්පු ලබා දීම එම සංශෝධනයේ මූලික අරමුණ බව යි. බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ද ගැටලු රැසකට මුහුණ දෙන බව පැවසූ අමාත්‍යවරයා පනත සංශෝධනය මඟින් එකී ගැටලු වලට විසඳුම් ලබා ගත හැකි බව ද පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ තරුණ ව්‍යවසායකයන් ලක්ෂයකට පමණ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත්, ඒ වෙනුවෙන් මේ වන විට අයදුම්පත් හය ලක්ෂයක් ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
අයදුම්පත් ලබා දීමට දී තිබු කාලය පසුගිය 15 වැනිදායින් අවසන් වුව ද, උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරයන් කළ ඉල්ලීම් සලකා බලා තවත් මසකින් එම කාලය දීර්ඝ කරන ලෙස එතුමා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින්ට එම අවස්ථාවේදී ම උපදෙස් දුන්නේය. අනවසර ලෙස ඉඩම් අල්ලා ගැනීම වැනි වංචා පාලනයට දැඩි පියවර ගත යුතු බවද කාරක සභාවේ දී සාකච්ජා විය. “සන්තකය” යටතේ රජයට පවරා ගත් ඉඩම් නැවත එම පාර්ශව වලටම ලබාදීම නීති විරෝධිබව පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා මෙහිදී කීවේය. පුත්තලම ප්‍රදේශයේ ඉඩම් මංකොල්ලයන් සිදුවන බවද හෙතෙම පැවසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සම්බන්ධව, විශේෂ චක්‍රලේඛයක් නුදුරේදී ම නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කාරක සභාවට දැනුම් දුන්නේය. එම කොමිෂන් සභාවට අයත් ඉඩම් මැනීමේ කටයුතු ක්‍රමවත් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ජා විය.
විහාර හා දේවාලගම් පනත ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ දී සාකච්ජා විය. ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සතු නියාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පසුගිය රජය සමයේ පෞද්ගලික හිතවතෙකුට ලබා දී ඇති බව පැවසු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා එම ඉඩම නැවත පවරා ගැනීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය.
ඊට අදාළව කඩිනමින් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. දිවයින පුරා සිදු කෙරෙන ඉඩම් මැනීමේ කටයුතු කඩිනම් කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය.
එච්.නන්දසේන, අසංක නවරත්න, ගුණතිලක රාජපක්ෂ, වසන්ත යාපාබණ්ඩාර, සමන්ප්‍රිය හේරත්, උපුල් ගලප්පත්ති, මිලාන් ජයතිලක, ජේ.සී අලවතුවල, ගයන්ත කරුණාතිලක , සංජීව එදිරිමාන්න යන ගරු පාර්ලිමේන්තුවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සභභාගී වූහ.