මෙම රැස්වීමේ දී දෙරට අතර පවතින සුහද ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ප්‍රශංසා කළ අතර, දෙරටේ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයිය හැකි වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරන ලදී.
මෙහිදී, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමා සහ කොළඹ සිටින ඉන්දුනීසියානු තානාපති අයි ගුස්ති න්ගුරා ආර්ඩියාසා මැතිතුමා අතර මෑතක දී පැවති රැස්වීමේ
විශේෂ අවස්ථා සහ ගරු රාජ්‍ය අමාත්‍යවරයා බතික් ගම්මානයක් සහ ඉන්දුනීසියානු විලාසිතාවේ කෝපි අලෙවිසැල් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා ඉන්දුනීසියාවේ සහාය අපේක්ෂා කිරීම පිළිබඳව
සඳහන් විය. ඉන්දුනීසියාවේ තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා වූ මෙම ඉල්ලීම තානාපතිනි ගුණසේකර මැතිනිය රැස්වීමේ දී නැවත අවධාරණය කළ අතර, ඉන්දුනීසියාවේ නිෂ්පාදන හා
අලෙවිකරණ නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් එය පිළිගනු ලැබීය
ගරු වික්ටෝරියා සිමානුංග්කලිට් මැතිනිය ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ විශිෂ්ඨ පරිචයන් බෙදාහදා ගත් අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබඳ
අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා දෙරටේ ප්‍රධාන නිලධාරීන් අතර වෙබ් ජාලයක් සංවිධානය කිරීමට කැමැත්ත පළ කළාය.
මෙම අන්තර් ක්‍රියා අතරතුර දී, තානාපතිනි ගුණසේකර මැතිනිය ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ උපාය මාර්ග සහ විශිෂ්ඨ පරිචයන් පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි අතර,
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාවෙන් තාක්ෂණික සහාය ද ඉල්ලා සිටියාය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ජකර්තා