මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන ආයතන 341 ක මාර්ග 341 ක් සංවර්ධනය කිරීමේ කටයුතු රටපුරා ඇරඹේ

    නොවැම්බර් 30, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය නිමිති කොටගෙන පළාත් පාලන ආයතන 341 ක මාර්ග 341 ක් සංවර්ධනය කිරීමේ කටයුතු   (29) දින ආරම්භ කෙරිණ.

    එහි සමාරම්භය සනිටුහන් කරමින් ජා - ඇල කඳාන තෙරේසා මාවතේ සිට රිලවුල්ල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

    "සෞභාග්‍යයේ දැක්ම" ජාතික වැඩපිළිවෙල යටතේ කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ඉලක්කය ඉදිරි සිව් වසර තුළ සම්පූර්ණ කිරීමේ අරමුණෙහි තවත් එක් පියවරක් ලෙස මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ අද දිනයේ ක්‍රියාවට නැංවිණි.

    මෙයට සමගාමීව ජා - ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දඩුගම ලංකා සභා පාසල අසළ සිට වහටිය ගම මාර්ගය, කුඩහකපොල දකුණ පන්සල මාර්ගය, රාගම සොයිසා නිවාස වටරවුම මාර්ගය, රාගම දඹුව මාර්ගය, ජා ඇල ඉදිවිට වෑවල යන මාර්ගයන් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මෙම මාර්ග සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 87.3 කි. ඒ යටතේ සංවර්ධනය වන දුර ප්‍රමාණය කිලෝ මීටර් 5.3 කි.

    හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩිල්ෂාන් ගුණවර්ධන, රජිත හපුආරච්චි, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් අර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya