මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    අයවැය පිළිබඳ රජයේ මුදල් කමිටුවේ දෙවන ව‍ාර්තාව අනිද්දා පාර්ලිමේන්තුවට

    දෙසැම්බර් 01, 2020

    අයවැය යෝජනාවලිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව අනිද්දා (02) පාර්ලිමේන්තුව‍ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


    මෙවර අයවැය රජයේ ප්‍රතිපත්ති හා සමපාත වන්නේද යන්න රජයේ මුදල් කමිටුව විසින් ඉදිරිපත් කරන මෙම වාර්තාව මඟින් පැහැදිලි කරනු ඇත.

    අදාළ වාර්තාවේ අවසන් දළ පිටපත පිළිබඳව සාකච්ඡා කිරීමට අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන් ගේ සභාපතීත්වයෙන් යුතුව  රජයේ මුදල් කමිටුව පාර්ලිමේන්තුවේදී හමුවූ අතර මෙම අවස්ථාව සඳහා රජයේ මුදල් කමිටුවේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා සහ ඉසුරු දොඩංගොඩ යන ගරු මන්ත්‍රීවරු සහභාගී වූහ.

    මෙහිදී අධ්‍යාපනය වැනි වැඩි මුදලක් අත්‍යවශ්‍ය වන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩි ආයෝජනයක් කිරීම සඳහා අනාගත සැලසුම් ලෙස විදේශ ණය ලබාගැනීම කෙරෙහි කමිටුවේ එකඟතාවය හිමිවිණි.

    ඒ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව පිළිබඳව නවතම ආර්ථික දත්ත මෙම වාර්තාවට එක් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගය ලබා ගැනීමට කමිටු කාර්ය මණ්ඩලය කටයුතු කළ යුතු බවයි.

    පැමිණි සිටි සියලු කාරක සභා සභිකයන් අයවැයට අදාළ දෙවන වාර්තාව අනිද්දා පාර්ලිමේන්තුවට පිළිගැන්වීම සඳහා සිය එකඟතාවය පළ කළ අතර රජයේ මුදල් කමිටුව විසින් ස්ථාවර නියෝග 121 ට
    අනුකූලව, නියමිත කාල සීමාව ඇතුළතදී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ වසර ගණනාවකට පසුව බවද සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා කමිටු සභිකයින්ට දැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya