ලෝකයෙන් ඒ්ඩ්ස් තුරන් කිරීමට සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය හදුනාගැනීම සදහා මෙය මහගු අවස්ථාවකි. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව ගෝලීය සහයෝගීතාවය සහ හවුල් වගකීම යන්නයි. මෙය කොවිඩ් වසංගතයද හේතුකොටගෙන නිර්මාණය කර ඇත.
ලංකාවේ ඒච් අයි වී ආසාදිතයින් 3600ක් ඇස්තමේන්තුගත කර ඇති අතර, ඔවුන්ගෙන් 2304ක් ඒච් අයි වී ඇති බවට හදුනාගෙන ඇත. ඒමෙන්ම ඒච් අයි වී ආසාදිතයින් 1845ක් සායන වලින් ප්‍රතිකාර ලබාගනියි.
පසුගිය වසර කිහිපය තුළ පෙනී ගිය සුවිශේෂී කරුණක් වූයේ වයස අවුරුදු 15 - 24 අතර යෞවනයන්ගේ ඒච් අයි වී ආසාදනයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. 2019 වසරේදී නව ඒච් අයි වී ආසාදිතයන්ගෙන් 54ක් ඒනම් 12%ක්ම මෙම වයස් කණ්ඩායමේ තරුණ තරුණියන් වූ අතර මොවුන් අතරින් ද 89%ක්ම පිරිමි පුද්ගලයන් වීමද විශේෂයකි.
ඒ අනූව ශ්‍රී ලංකාවේ ඒච් අයි වී වසංගත ව්‍යාප්තිය සලකමින් මෙම වසරේ ඒ්ඩ්ස් දින සැමරුම් තේමාව තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු ඒච් අයි වී වළකමු යන්නයි.
ශ්‍රී ලංකාව ඒච් අයි වී හෙවත් මානව ප්‍රතිශක්තීකරණ ඌනතා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදනම් සහිත රටකි. අප රටෙහි ඒච් අයි වී ව්‍යාප්තිය 0.1 කටත් වඩා අඩු අගයක පවතී. නමුත් ශ්‍රී ලංකාව තුළ වාර්තා වන නව ඒච් අයි වී ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට ඇත. ශ්‍රී ලංකාව තුළ ඒච් අයි වී අඩු අවදානම් තත්ත්වය ඒලෙසම පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙයි.
2019 වසර තුළ පමණක් නව ඒච් අයි වී ආසාදිතයින් 439ක් වාර්තා වී ඇති අතර ඉන් 359ක්ම පිරිමි පුද්ගලයන් වෙයි. ශ්‍රී ලංකාව තුළ ඒච් අයි වී පැතිරීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ආසාධිත සහකරුවන් සමග අනාරක්ෂිත ලිංගික සබදතා පැවැත්වීම මගිනි. ඒයින්ද පිරිමි පිරිමි අතර පවත්නා සමලිංගික අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා ඒච් අයි වී ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ සුලභව සිදුවෙයි.
මෙවර 2020 ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒ්ඩ්ස් මර්දන වැඩසටහන විසින් පවසන්නේ තරුණ ප්‍රජාව ඒච් අයි වී ආසාදනයට ගොදුරු වීමට වැඩි නැඹුරුවක් දැක්වීමට හේතු ගණනාවක් ඇති බවයි. ඒනම්, අඩු වයසින් ලිංගික සබදතා වලට යොමු වීම, ඒච් අයි වී සහ ලිංගාශ්‍රිත රෝග පිළිබද දැනුවත්භාවය මද වීම, අවදානම් ලිංගික හැසිරීම් වලින් වැළකීමට ප්‍රමාණවත් කුසලතා නොමැති වීම, නවීන තාක්ෂණය අනිසි ලෙස භාවිතා කිරීම, නොදන්නා පුද්ගලයන් සමග තාක්ෂණික සබදතා ඇතිකර ගැනීම, කිහිපදෙනෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඒම හේතු සාධක වෙයි.
ඔවුන් පවසන පරිදි ඒච් අයි වී වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සදහා ලිංගික අධ්‍යාපනය සහ ජීවන කුසලතා සංවර්ධනය කිරීම, විවාහය තෙක් ලිංගික සබදතා ප්‍රමාද කිරීම, ඒක් විශ්වාසවන්ත සහකරුවෙකුට හෝ සහකාරියකට ලිංගික සබදතා සීමා කිරීම, ලිංගික ඒක්වීමකදී සෑම විටම කොන්ඩමයක් භාවිතා කිරීම, ඒච් අයි වී ආසාදනය සදහා අවදානමක් ඇති අය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සදහා යොමු කිරීම සහ ඒච් අයි වී සදහා ඇති අපකීර්තිය හා වෙනස් කොට සැලකීම් අවම කිරීමෙන්, අවශ්‍ය ප්‍රතිකාර හා රැකවරණය සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් වෙයි.
අද දින පැවති මාධ්‍ය හමුවකදී හෙටට යෙදෙන ලෝක ඒ්ඩ්ස් දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒ්ඩ්ස් මර්දන ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ ඒච් අයි වී සහ කොවිඩ් යන රෝග දෙකම මර්දනය සදහා තරුණ පරම්පරාව බලකරණය කිරීම ඉතාම වැදගත් වන බවයි. ඒනම් වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සමග තරුණ ප්‍රජාවට පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වීම් ඇතැමුන් හට
රැකියා අහිමිවීම් ආදිය හේතුවෙන් තරුණ ප්‍රජාව දැඩි මානසික ආතතියකින් පසුවන බවයි.
අප රට තුළ 1600ක පමණ පිරිසක් ඒච් අයි වී ආසාදිතව ප්‍රතිකාර නොලබමින් සමාජයේ ජීවත් වන බවද, තමා ආසාදිතයෙකුදැයි දැනගත හැක්කේ පරීක්ෂණයක් සිදුකිරීමෙන් පමණක් වන බවත් විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. ඒච් අයි වී පරීන්ෂණය සිදුකරගැනීම මෙන්ම ආසාදිත සියලුදෙනාම ප්‍රතිකාර ලබාගැනීමද වැදගත් වෙයි. ඒච් අයි වී ආසාදිතයින් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීම මගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය හොද තත්ත්වයක පවත්වාගත හැකි වන අතරම ප්‍රතිශක්තීකරණය දුර්වල ඒච් අයි වී ආසාදිතයින් හට කොවිඩ් වැළදීමේ අවදානමක්ද පවතී.
අප රට තුළ ඒච් අයි වී සදහා නොමිලේ ප්‍රතිකාර ලබාදෙන අතර සෑම දිස්ත්‍රික්කයකම සායන 42ක් මේ සදහා වෙන් කර ඇත. ඒමෙන්ම ඒච් අයි වී පරීක්ෂණ ද නොමිලේ සිදුකරගැනීමේ පහසුකම් සලසා ඇත. ප්‍රතිකර ලබන්නන්ගේ රහස්‍යභාවය සීයයට සීයක්ම ආරක්ෂා කරමින් ඒකවර මාස තුනකට ප්‍රතිකාර ලබාදෙන බවද, අදාල රෝගියාට අවශ්‍ය ස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවේය.
අනාරක්ෂිත ලිංගික චර්යා වලින් වැළකී ඒ්ඩ්ස් වෛරසය පරදමු.. ඒමෙන්ම නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනයෙන් කොවිඩ් වෛරසය පරදමු.. මෙම වෛරස ද්විත්වයටම අනාරක්ෂිත භාවය හමුවේ ඔබේ ජීවිත මාරාන්තික තත්ත්වයට පත්කළ හැක.