මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    වෙළෙඳපොළ බලවේග වලින් පාරිභෝගික ජනතාව නිදහස් කර ගත යුතුයි-අමාත්‍ය විමල් වීරවංශ

    නොවැම්බර් 30, 2020

    වෙළෙඳපොළ බලවේග වලින් පාරිභෝගික ජනතාව නිදහස් කර ගත යුතු බවත් කාබනික පොහොර වලට යොමු වූ සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කරන රටක් බවට අපේ රට පත් කර ගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජන රටාවකට ජනතාව නැඹරු කිරීම සඳහා පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතු බවත් එසේ කළේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතරම් මුදලක් වෙන් කිරීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා පැවසුවේ බෝ නොවන රෝග වසංගතයට අද සමාජය බිළි වී ඇති බවත් ප්‍රතිකාර සොයා ගෙන නොමැති කොරෝනා වසංගතයට වඩා බෝ නොවන රෝග වසංගතය දරුණු බවයි. අද සිදුවන මරණ වලින් 70%ක් සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත් බෝ නොවන රෝග පාලනය කිරීමට , ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බවයි.

    මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    ආනයනික කිරි පිටි, විෂ රසායනික අඩංගු සබන් , අද ‍වෙළෙඳ පොළට පැමිණ තිබේ. කෘෂි රසායනික පොහොර නිසා විවිධ අතුරු අබාධ ඇති දරුවන් පවා බිහි වෙනවා. දරුවන්ට ආහාර කියන නමින් අප කවන්නේ විෂයි. ආහාර සඳහා විවිධ විෂ රස කාරක අද භාවිතා කරනවා. මෙම වෙළෙඳ පොළ බලවේග පාලනය නොකර අපට මෙයින් මිදිය නොහැකියි. මෙම බලවේග ඇතැම් රාජ්‍ය ආයතන පවා තම ග්‍රහණයට නතු කරගෙන තිබේ. සබන් කැටවල පවා විස රසායනික ද්‍රව්‍ය ඇතුළත් කරමින් සබන් වර්ග සාදනවා. පිට රටවලින් ගෙන්වන පිරිපහදු කළ පාම් තෙල් ,පොල් තෙල් ලෙස වෙළෙඳ පොළේ භාවතා කරනවා. සභාවේ සිටින අපට මේ වෙනුවෙන් පෙනීසිටීම සඳහා වගකීමක් තිබෙන බවද අමාත්‍යවරයා කිය.

     

    මේ පිළිබඳව තමා ප්‍රමිති ආයතනයේ නිලධාරින් සමග සාකච්ඡා කළ බවද මෙවැනි විස සබන් භාවිතා කරන ලෝකයේ එකම රටම අපේ රට බවත් අමාත්‍යවරයා දීර්ග වශයෙන් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya