මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර දිවයිනපුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ

    දෙසැම්බර් 01, 2020

    දිවයිනපුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.

    සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජය පියවර රැසක් ගෙන තිබේ. සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඒ සඳහා කටයුතු කිරීම රජය අපේක්ෂාවයි. ඒ අනුව සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මාර්ග ගත (online) ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද ඇමතිවරයා පවසයි.

    සංචාරක පනතේ 48(3) වගන්තිය අනුව දිවයින පුරා සිටින සියළුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතුය. මෙලෙස නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් රජය ලබා දුන් සහන ලබාගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇත. ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මේ තත්වය ද හේතු වූ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාසඳහන් කරයි.

    මේ අතර දිවයින පුරා සිටින සංචාරක රියදුරන්ට සංචාරක සේවා අධිකාරියේ විධිමත් පුහුණුවක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි. එම පුහුණුව දිවයින පුරා පිහිටි වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන හරහා ලබා දීමට අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබේ. මෙහිදී පෙර පුහුණුවක් ලබා ඇති පුද්ගලයන්ට පුනරීක්ෂණ වැඩසටහන් ද , නවකයන් සඳහා නව වැඩසටහන් ද සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සම්පාදනය කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya