ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් හමුවට අද (30 ) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්විය.
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමේ ප්‍රායෝගික භාවය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මෙම කැබිනට් රැස්වීම අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.
කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුවත් රටේ ඉදිරි සංවර්ධනය හා ජන ජීවිතය සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ පිළිබඳව අවධානය යොමු කරමින්, සංවර්ධන කටයුතු විධිමත්ව හා සක්‍රීයව ඉදිරියට ගෙනයාමේ අරමුණින් කැබිනට් මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ රැස්ව සාකච්ඡා කළහ.
විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේය.
කැබිනට් අමාත්‍යවරු සිය නිවසේ හෝ කාර්යාල පරිශ්‍රයන් හි සිට මෙම කැබිනට් හමුව සඳහා සහභාගි වුහ