නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (30) පෙරවරුවේ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත් වේ.
ඒ මහතා මෙ රට 35 වැනි පොලිස්පති ධූරයට පත්විණි.
ශ්‍රී ලංකා පොලීසිය ඉදිරියට ගෙන යාම සහ ජාතික වශයෙන් පැවරෙන වගකීම් නො පිරිහෙලා ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය විශ්වාසය පළ කළේ ය.
ලොවටම තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රි ලංකා පොලීසිය ඉටුකරන කාර්ය භාරය මෙහි දී අගමැතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විණි.
1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවයට එක්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරයෙකි.
සී.ඩී වික්‍රමරත්න මහතා හදාරා ඇති විදෙස් පාඨමාලා ගණන 13කි. ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව,බ්‍රසීලය, මියන්මාරය යන රටවල දී හෙතම මානව සම්පත් කළමනාකරණය, බුද්ධි සේවය, මහජන පොලීසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අදාළ විෂයන් සම්බන්ධ පාඨමාලා හදාරා තිබේ.
බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා ඇති සී.ඩී. වික්‍රමරත්න මහතා මින් පෙර 13 වරක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ සී.ඩී. වික්‍රමරත්න මහතා ය. එසේ ම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙක් පොලිස්පති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
සී.ඩී. වික්‍රමරත්න මහතා තිස් වසරක ත්‍රස්තවාදය නිමා කළ මානුෂීය මෙහෙයුමට ද සිය උපරිම දායකත්වය දැක්වූ පොලිස් නිලධාරියෙකි. ඔහු නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය, මහනාම විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
මෙම හමුවේ දී නව පොලිස්පතිවරයා විසින් අගමැතිවරයා වෙත සමරු සිහිවටනයක් ද ප්‍රදානය කළේ ය.