මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ප්‍රජාවට ඉතිහාසයේ ලබා නොදුන් සහන රැසක් මේ අයවැයෙන් ලබා දෙනවා - ධීවර අමාත්‍ය

    දෙසැම්බර් 01, 2020

    පේදුරු තුඩුව, ගුරු නගර්, පේසාලේ හා වාලච්චේන, වෙල්ලමංකර, බලපිටිය, අම්බලන්ගොඩ, ගාල්ල, තංගල්ල, මිරිස්ස, නිලාවේලී, හම්බන්තොට, සුදුවැල්ල, දොඩංදූව, මයිලඩි ඇතුළු රට පුරා ධීවර වරාය 21ක්
    නවීකරණය කොට ලෝකයේ දියුණුම ධීවර වරායන් තත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ අයවැයෙන් වෙන් කර තිබෙන බවද නැගෙනහිර පළාතේ ප්‍රධානතම වරායක් වන ඔලුවිල් වරාය ධීවර වරායක් බවට වෙනස් කොට විශාලතම ධීවර වරායක් බවට පත්කිරීමට පියවර ගන්නා බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කරයි.

    කොවිඩ් 19 වෛරසය හේතු කොට ගෙන ධීවර ක්ෂෙත්‍රය තුළ සිදු වු පසුබෑම් වලින් ගොඩ ඒම සදහා ක්‍රියාවට නංවන්නට සැලසුම් කර ඇති සිය අමාත්‍යාංශයේ වැඩ පිළිවෙල පිළිබදව පසුගිය දා පාර්ලිමේන්තුවේදී සිය අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබද තමන් පවත්වන ලද දේශනයේදී පෙන්වා දුන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නංවන සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්තියට අනුව ධීවර අමාත්‍යාංශය අනාගතයේදී වැඩ සටහන් හා ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කරන ලදි.

    ධීවර ජනතාවට අත්‍යවශ්‍ය රක්ෂණ ක්‍රමයක් හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට දැනටමත් කටයුතු කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, සාගර විශ්ව විද්‍යාලය හරහා තරුණ තරුණියන්ට ධීවර කර්මාන්තය පිළිබද නවීන පුහුණුවක් ලබා දීමටත් ඒ මඟින් තරුණ තරුණියන් ධීවර කර්මාන්තය සඳහා යොමු කරවීමටත් ධීවර කාන්තා සංගම් බල ගැන්වීමටත් ධීවර දිරිය ණය ක්‍රමයට දායකත්වය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

    මුහුදු හා රට අභ්‍යන්තර මිරිදිය ජලාශ වල නීතිවිරෝධි මසුන් ඇල්ලීම තහනම් කිරීමට නව නීතිරීති සකසන බවත් ඉන්දීය ධීවරයන්ගේ නීතිවිරෝධි කටයුතු නැවැත්වීම සදහා ස්ථිර විසදුම් ලබා දීමට කටයුතු කරන බව වැඩි දුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya