අද (01) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පවත්නා කොවිඩ් වසංගතය හේතුවෙන් අද විදේශ රැකියා ක්ෂේත්‍රය පසු බෑමකට ලක්ව තිබේ.කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා පිටත් නොවීම මත කාර්යංශයේ අරමුදල් පහළ වැටී ඇති බව අමාත්‍යවරයා පැවසීය. ශ්‍රමිකයන් විදේශ ගත වීමේදී අය කරනු ලබන රුපියල් 17,500ක මුදල එහි ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබේ. මීට අමතරව කාර්යංශයට ලැබෙන බොහෝ ආදායම් මාර්ග අහිමි වීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී තිබේ.
දැඩි මූල්‍ය පාලනයක් යටතේ කටයුතු කර, එසේම කාර්යංශය මගින් කුලියට පවත්වාගෙන ගිය ගොඩනැගිලි රජයේ ගොඩනැගිලි කරා ගෙනයාම වැනි ක්‍රම අනුගමනය කර මෙම තත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බවත් විකල්ප ක්‍රම මගින් අරමුදල් රැස් කරගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කොරෝනා ව්‍යසනය හමුවේ විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සිදුවන්නේ නිසි ක්‍රමවේදයකට අනුව බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 43,000ක් පමණ වන විදේශ ශ්‍රමිකයින් අතුරින් 19,000ක් පමණ පුද්ගලයින් ප්‍රමාණයක් දැනට දිවයිනට ගෙන්වා ගෙන ඇති බවත් බවත් ඉතා විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම තුළින් එය පාලනය කර ගත නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.