අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (01) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
ඒ අනූව මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට ප්‍රථමයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමන් විසින් බන්ධනාගාර කොමසාරිස් වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර දෙපාර්තමේන්තු මට්ටමේ විමර්ශනයක් මේ වන විට සිදුකරමින් ඇත.
ඒමෙන්ම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය අමාතයංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යංශ මට්ටමෙන් විමර්ශනය කිරීම සදහා දෙවන කමිටුව පත්කර ඇත.
තෙවන කමිටුව වශයෙන් මෙයට අදාළ කැබිනට් අමාත්‍යවරයා වන අධිතරණ ඇමතිතුමා විසින් විහ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිණී වීරවර්ධන මහත්මියගේ සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් මේ සම්බන්ධයෙන් විමර්ශනයට පත්කර ඇත.
ඉහත විමර්ශන ත්‍රිත්වයම අදාල විෂයභාර ආයතන විසින් සිදුකරන අතරම ඊට පරිබාහිරව ස්වාධීන පරීක්ෂණයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිවුවෙනි පරීක්ෂණය සිදුකරයි.
මෙම සියලු විමර්ශන වල විෂය පථය වන්නේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට හේතු මොනවාද යන්න සහ ඒවැනි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන කාරණා පිළිබදව අධ්‍යයනයක් කිරීමයි.
ඒම නිසා මෙම විමර්ශන සහ අධ්‍යයනයන් සිදුකර කමිටු වාර්තා ආ පසු පැහැදිලිව සහ නිශ්චිතව සිදුවූයේ කුමක්ද, ඊට හේතු මොනවාද, ඒවැනි දේ යළි ඇතිවීම වැළැක්වීමට ගතයුතු පියවර මොනවාද යන්න රටට දැනුවත් කිරීමට හැකිවනු ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසුවේය.