මේ සම්බන්ධව ,විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය යටතේ පංච පුද්ගල කමිටුවක් අද දින සිට පත් කර ඇතැයිද සතියක් ඇතුළත මේ පිළිබඳව අතුරු වාර්තාවක් ලබා දීමට සහ මාසයක් ඇතුළත පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කර ඇතැයිද අමාත්‍යවරයා වැඩදුරටත් පැවසිය. මීට අමතරව පොලස්පතිවරයා විසින් ද මේ පිළිබඳව විශේෂ පර්යේෂණයක් සිදු කිරීමට සි.අයි.ඩියට උපදෙස් දී තිබේ. රජයක් වශයෙන් මේ පිළිබඳව කණගාටුව පළකරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, ඊයේ දිනයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මේ පිළිබඳව පැය 04කට ආසන්න කාලයක් සාකච්ඡා කළ බවයි. බන්ධනාගාර ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇප පිට සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කර ඇති බවත්, තවත් සිරකරුවන් 607 දෙනෙකු පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට කටයුතු කළ බවද මේ සඳහා තවත් පියවර රාශියක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.