මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    2025 වසර වන විට වැඩි වන විදුලිබල ඉල්ලුම සැපයීම සඳහා නව ව්‍යාපෘති රැසක්- අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    දෙසැම්බර් 01, 2020

    කොවිඩ් වසංගතය හේතුවෙන් මේ දිනවල විදුලි පරිභෝජනය පහත වැටී ඇතැයි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රටක් වශයෙන් අප සිටින්නේ විදුලි බල අර්බුදයක බවත් 2025 වසර වන විට වැඩි වන විදුලි බල ඉල්ලුම සැපයීම සඳහා නව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර අතැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    ජාතික විදුලිබල පද්ධතිය අනාගතයට සරිලන ලෙස සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දීර්ග කාලීන විදුලි බලාගාර ජාතික පද්ධතියට එකතු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඇසුරෙන් එම ඉල්ලුම සැපයීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.මෙවර අයවැයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ පුනර්ජනනීය බලශක්තිය සඳහා මුලික වශයෙන් අවධානය යොමු කරන ඇතැයිද අමාත්‍යවරයා කීය.

    තාප බලාගාර, කෙරවලපිටිය(1) එල් එන් ජී බලාගාර පිහිටුවීමට කටයුතු මේ වන විටත් සකස් කරගෙන යන බව අමාත්‍යවරයා පැවසීය.කොළඹ ප්‍ර දෙශයේ ඇති කැලණිතිස්ස , සපුගස්කන්ද වැනි තාප බලාගාර Lng බලාගාර බවට හැරවීමට කටයුතු කරන බවද ඉන්දියානු ආධාර යටතේ ජලාශ කිහිපයක floting solar සවි කිරීම වැනි ක්‍රියාමාර්ග මේ සඳහා ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya