මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    පවතින Covid -19 වසංගත තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරමින් විභාගය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරනවා-අධ්‍යාපන අමාත්‍ය

    දෙසැම්බර් 01, 2020

    පවතින වාතාවරණය හමුවේ ජනවාරි මස 18 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීම වඩාත් සුදුසු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (01) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.


    මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 621,000ක් අයදුම්කර තිබේ. විභාගයක් කල් දැමීම යනු දරුවාගේ ජීවිතය කල් දැමීමක් බව පැවසූ අමාත්‍යවරයා සති 02න් දෙකට රටේ පවතින Covid-19 වසංගත තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරමින් විභාගය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බවද පැවසීය.

    ඒ අනුව විභාගය සඳහා නව දිනයක් නියම කිරීමෙන් පසුව ඊට සූදානම් වීම සඳහා දරුවන්ට සති 06ක කාලයක් ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ පිළිබඳව දරුවන් තුළ තව දුරටත් චකිතයක් ඇති වීමට ඉඩ නොදී අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාද කරන අද(01) දිනය මේ සම්බන්ධව ප්‍රකාශ කිරීමට හොඳම අවස්ථාව ලෙස තමා
    තෝරා ගත් බවද කීය.

    2021 වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා විවාදයේ 8 වන දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලු අමාත්‍යංශ 05ක වැය ශීර්ෂ අද දිනයේදී විවාදයට ගනු ලැබිණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya