මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    Diploma in English and Education ' පාඨමාලාව සඳහා නිපුණතා පාදක ඇගයීම් පවත්වා NVQ 05 මට්ටමේ ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ

    දෙසැම්බර් 02, 2020

    Diploma in English and Education ' පාඨමාලාව සඳහා නිපුණතා පාදක ඇගයීම් පවත්වා NVQ 05 මට්ටමේ ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ

    නිපුණතා සංවර්ධනය‚ වෘත්තීය අධ්‍යාපන‚ පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමත්‍යංශයට අනුබද්ධ ආයතනයක් ලෙස පවත්නා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වෘත්තීය  අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් නව පාඨමාලා සකස් කිරීම, යාවත්කාලීන කිරීම හා පවතින පාඨමාලා පවත්වාගෙන යමින් සෑමවිටම වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැකගැනීමටත්,  ඉහළ නැංවීමටත් කටයුතු කරනු ලබයි.

     

    එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව කාර්මික විද්‍යාල මගින් පවත්වාගෙන යන ' Diploma in English and Education ' පාඨමාලාව ' National Diploma
    in Teaching English as Second Language ' ලෙස පරිවර්තනය කරන ලදි. මෙම පාඨමාලවේ NVQ මට්ටම 05 සඳහා ජාතික නිපුණතා සම්මතයක් (NSC) සකස් කර එය 2016. 06.20 වන දින
    කොමිෂන් සභාව විසින් අනුමත කර තිබිණ.

     

    මෙලෙස ජාතික නිපුණතා සම්මත හඳුන්වාදීමට පෙර කාර්මික විද්‍යාලවල පවත්වන ලද ' Diploma in English and Education ' පාඨමාලාව හැදෑරීම සිදුකළ සිසුන්හට නිපුණතා සම්මතයට
    අදාළව ඇගයීම් සඳහා පෙනීසිට ' National Diploma in Teaching English as Second Language ' NVQ මට්ටම 05 ලබාගත හැකි බව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සඳහන්
    කරයි. එහිදී යම් අමතර ඉගෙනීමක් අවශ්‍යනම් ඒ සම්බන්ධ වැඩසටහන් සංවිධානය කළ හැකි බව ද, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බී.එම්.සී.එන්.
    බාලසූරිය මහතා ප්‍රකාශ කර සිටියි.

     

    එමෙන්ම නිපුණතා පාදක ඇගයීම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමට සහ NVQ සහතිකපත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ
    අධ්‍යක්ෂ ( තත්ත්ව ආරක්ෂණ හා අගයුම් පාලන ) ඇමතීමෙන් ලබාගත හැකි බවද තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව දන්වා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya