මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර ඇළයාපත්තුව මහමන්කඩවල සිට යහලේගම දක්වා මාර්ගය කාපට් කරයි

    දෙසැම්බර් 02, 2020

    අනුරාධපුර ඇළයාපත්තුව මහමන්කඩවල සිට යහලේගම දක්වා ඇති මාර්ගය කාපට් කෙරේ

    ජනාධිපතිතුමාගේ “සෞභාග්යයේ දැක්ම” ජාතික වැඩසටහනට සමගාමීව නවීන මාර්ග පද්ධතියක් රට තුළ ස්ථාපනය කිරීම නව රජයේ ප්රධානතම අරමුණ වී ඇත. මෙම අරමුණ පෙරදැරි  කරගෙන අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන හා ප්‍රාදේශීය මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ හා නවීකරණය කිරීමේ පළමු අදියරේ ව්‍යාපෘතිය නොවැම්බර් මාසයේ දී ආරම්භ විය.  අනුරාධපුර ඇළයාපත්තුව මහමන්කඩවල සිට යහලේගම දක්වා ඇති මාර්ගය මිලි. 46 ක වියදමින් කාපට් කිරීම ඖෂධ නිෂ්දනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භකරන ලදී.

    මෙමගින් මෙම ප්‍රදේශයේ ගොවි පවුල් 1500 කට පමණ ඝෘජුව පහසුකම් සැපයේ. මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිමකිරීමට නියමිතය.  මෙම අවස්ථාවට මධ්‍යම නුවරගම්පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපති පී. ජයසුන්දර මහතා සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීක නිලධාරී අචින්ත රත්නායක මහතා ඇතුලු විශාල පිරිසක්  සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya