වාරියපොල ආසනයේ මාර්ග 31 ක් ,කාපට් ඇතිරීම සදහා තෝරගෙන තියෙනවා. එම මාර්ග වල දිග කි.මී.58 ක් වන අතර මුළු ආයෝජනය රු. මිලියන 1038 ක් වනවා.
අප ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන්න නම් මූලිකවම කල යුත්තේ ගමේ යටිතල පහසුකම් දියුණු කිරීමයි. ගමේ මාර්ග ටික ප්‍රදේශයේ මාර්ග හා යා කරන්නත්, ප්‍රදේශයේ මාර්ග, නගරයේ මාර්ග හා යා කලොත් තමයි ගමේ නිෂ්පාදන හැකි ඉක්මනින් නගරයට ගෙන යා හැක්කේ.මාර්ග දියුණු වුනාම නගරයේ වාහන ටික ගමට එනවා. ගමේ නිෂ්පාදන ටික අතරමැදියන්ගේ ග්‍රහණයෙන් මිදුනහම ගමේ ගොවියට තම නිෂ්පාදන වලට හොද මිලක් ලැබෙනවා. එමගින් ගමේ ආර්ථිකය දියුණු වෙනවා. ගමේ රැකි රක්ෂා බහුල වෙනවා. මේ නිසා රැකියා සොයාගෙන තරුණ ලමයි නගරයට යා යුතු වන්නේ නැහැ. එමගින් ගමේ අතිරික්ත නිෂ්පාදන අපට අපනයනය කරන්නත් පුළුවන්. මෙය තමයි අප රජයේ අරමුණ.
වාරියපොල ආසනයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ ගම මැද පාර, රු.මිලියන 31 ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්, එයට සහභාගී වූ ප්‍රදේශයේ ජනතාව අමතා රාජ්‍යඅමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම අවස්ථාව සදහා කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් කුමාර,වාරියපොල ප්‍රාදේශිය සභා සභාපති ඇතුළු පිරිසක් සහභාගී විය.