මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    පෝලන්තයේ රැකියා ජාවාරමක්- රැකියා බලපත්‍රයක් නොමැතිව මුදල් ගෙවන්න එපා

    දෙසැම්බර් 02, 2020

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

     පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ ජාවාරමක් හෙළිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ ව්‍යාජ රැකියා නියෝජිත ආයතන විසින් මෙම ජාවාරම සිදුකරන බවට කරුණු හෙළි වී තිබේ.

    පෝලන්තයේ රැකියා ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම රැකියා බලපත්‍රයක් තිබිය යුතු බව පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ. එම නිසා කිසිඳු අවස්ථාවක පෝලන්තයේ රැකියා බලපත්‍රයක් නොමැතිව, ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිතායතන වෙත කිසිඳු මුදලක් නොගෙවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටී. මුදල් ගෙවීමට පෙර පෝලන්තයේ රැකියා බලපත්‍රයක් ඇති බවට තහවුරු කරගන්නා ලෙසත් සැකයක් ඇත්නම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ ගැන විමසන ලෙසද කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya