මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    නඩු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ඩිජිටල් ජාල ගත තොරතුරු පද්ධතියක්

    දෙසැම්බර් 02, 2020

    දිවයින පුරා දිසා අධිකරණයන්හි ගොඩ නැගි ඇති නඩු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ඩිජිටල් ජාල ගත තොරතුරු පද්ධතියක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද(02) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    දිවයින පුරා දිසා අධිකරණ වල 231,506 ක නඩු ප්‍රමාණයක් විසඳීමට ඇති බවත් මේ අතුරින් වසර 20කට වඩා පැරණි නඩුද 4620ක් පමණ ඇතැයි අධිකරණ අමාත්‍යවරයා කීය.

    ලබන වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා විවාදයේ 9 වන දිනය අද (02) දිනයේ අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.

    මෙළෙස දිසා අධිකරණයන්හි ගොඩ ගැසී තිබෙන නඩු පිළිබඳව අධිකරණ කොමිෂන් සභාව විසින් තොරතුරු රැස් කරන බවත් ඩිජිටල් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් තොරව එක් එක් නඩු පිළිබඳව තොරතුරු ලබා දිය නොහැකි බවද අමාත්‍යවරයා පැවසිය.

    කිසිම දවසක අධිකරණයට බලපෑම් කිරීමට රජය මැදිහත් නොවන බව ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya