මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට අද (දෙසැම්බර් 02 ) රාත්‍රී කාලයේ (ප.ව 07.00-10.00අතර ) දී ඇතුළු වේ යැයි බලාපොරොත්තු වේ.
සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ.කි.මී. 80-90 පමණ වන අතර විටින් විට පැ .කි.මී. 100 දක්වා වැඩි විය හැක. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට(දෙසැම්බර් 03 ) උදැසන වනවිට පැමිනෙණු ඇතැයි බලාපොරොත්තු වේ.
උතුරු සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්‌ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ක පමණ තද වැසිද ඇතිවිය හැක. උතුරු, උතුරු මැද, ,වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මි.(60 -70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.
සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මි.(40 -50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක. ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.