දකුණු කොරියානු පරිසර සංස්ථාව සහ දකුණු කොරියානු සෙනිපං ආයතනය සම්බන්ධ වී ලෝකයේ විවිධ රටවල් වල මහා පරිමානයේ ව්‍යාපෘති යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර දකුණු කොරියානු පරිසර සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී Jang Joonyeong මහතා සහ සෙනිපං ආයතනයේ අධිපති කිම් බියොන් ජුන් මහතා ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම අද දින සිදු කරන ලදී.
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව සමග පැවතෙන මිත්‍රත්වය හා සමීපතාවය තවදුරටත් වර්ධනය කිරීමට හා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට ඉවහල් වන සංවර්ධන ව්‍යාපෘතීන් හට ප්‍රමුඛතාවය ලබා දීමටත් සෙනිපං ආයතනය කටයුතු කරන බව දකුණු කොරියානු පරිසර සංස්ථාව ප්‍රධාන විධායක නිලධාරී Jang Joonyeong මහතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට දන්වා සිටින ලදී. දකුණු කොරියානු රජයත්, වෙනත් දකුණු කොරියානු සමාගම් හා සෙනිපං ආයතනයත් අපේ රටේ සංවර්ධන කටයුතු වලට ලබාදී තිබෙන දායකත්වය ගැන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙහිදී අගය කරන ලදී.
සෙනිපං ආයතනය ලෝකයේ රටවල් වල ආරම්භ කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතින්හීදී දකුණු කොරියානු නව තාක්ෂණික දැනුම අප රටේ තරුණ තරුණියන්ට ලබා දෙමින් දහස් ගණනකට රැකියා ලබාදීමට ප්‍රමුඛතාවය ලබා දීමට එකග විය. එමගින් අපේ රටේ දැනුම, තාක්ෂණය හා ඥානය පිරි පරපුරක් ඇතිවීමෙන්, රටේ ආදායම ඉහළ නංවාලීමට හැකි වෙනවා. අපේ රටේ අනාගතේ ගොඩනගන වර්තමාන පරපුරට මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත.
දකුණු කොරියානු සෙනිපං ආයතනය අපගේ රටේ ජල සම්පාදනය සඳහා නව තාක්ෂණික සහයෝගය ලබා දෙන බවත්, ජල සම්පාදන මණ්ඩලයේ ජල කාන්දු වීම් ඇති පැරණි ජල නල සඳහා නයිට්‍රිජන් වායුව භාවිතා කරමින් නව තාක්ෂණය ඔස්සේ පිරිසිදු කිරීමෙන් අනතුරුව ජල කාන්දු වීම් වලක්වා ගත හැකි ක්‍රමවේදයක් හදුන්වා දීමට කැමැත්ත පළ කරන ලදී.
දකුණු කොරියානු සෙනිපං ආයතනයේ අධිපති කිම් බියොන් ජුන් මහතා සහ අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී විය.