මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධයට අදාල යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක්

    දෙසැම්බර් 02, 2020

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් කොවිඩි වෛරසයට එරෙහිව සොයා ගනු ලැබූ ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරුන්ගේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මැතිනියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොවිඩ් වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ මෙම ඖෂධය පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානයට යොමුවී ඇති බැවින් ඖෂධයට අදාල ඉදිරි පර්යේෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙසත්, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය ද ලබාදෙන ලෙසත් උපදෙස් ලබා දෙන ලදි.

    මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලොවටම ලබා දීමට නම් ‍විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂන සිදු කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පෙන්වා දෙන ලදි. ඒ අනුව මෙම ක්‍රමවේදය පිළිබද යෝජනා මාලාවක් සකස් කළ යුතු බව පැවසීය.

    එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සදහා විද්වත් කමිටුවක් පත් කරන ලද අතර, මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතීත්වයෙන් වන එම කමිටුවේ සාමාජිකයින් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා, මහාචාර්ය සිසිර සිරිවර්ධන මහතා, මහාචාර්ය සරෝජ ජයසිංහ මහතා, මහාචාර්ය ලේකම්වසම් මහතා, මහාචාර්ය ජනක ද සිල්වා මහතා, මහාචාර්ය සෑම් කුලරත්න මහතා, මහාචාර්ය කමනි වනිගසූරිය මහත්මිය පත් කරන ලදි.

    මෙම අවස්ථාවට ඖෂධය සකස් කල වෛද්‍ය ධම්මික බණ්ඩාර වෙද මහතාද, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය , දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya