මේ වන විටත් ˝ රජ වාසල ˝ පළමු ශාඛාව නාරාහෙන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ භාවිතයට නොගැණුන ගොඩනැගිල්ලක ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ ( විවිධ ) නීතිගත සංස්ථාව හා සම්බන්ධ වී ස්ථාපනය කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී පැවති වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.
මේ වර්ෂය තුළ වෙළඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති අතර ˝රජ වාසල˝ ව්‍යාපෘතිය සහ ˝කිවු ශොප්˝ ( Q-Shop ) යනුවෙන් හැඳින්වෙන කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළඳ සැල් ලංකාව පුරා ඇති කිරීමේ ව්‍යාපෘතිය සුවිශේෂී තැනක පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අඩි 40 පමණ කන්ටේනර පෙට්ටියක් තුළ කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළඳ සැල් ˝කිවු ශොප්˝ ( Q-Shop ) නමින් ලංකාව පුරා ඉදිකර තරුණ තරුණියන්ට මේ තුළින් තමන්ගේම ව්‍යාපාරයක් මගින් නැගීසිටීමට අවස්ථාව උදාකර දීම එම ව්‍යාපෘතියේ අරමුණ ය.
මේ මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවැරදි මිල ගණන් යටතේ ජනතාවට මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. කන්ටේනර පෙට්ටියක් තුළ ඒ.සී. පහසුකම්, රාක්ක, ශීතකරණ ආදී අවශ්‍ය සියලු දේ සකස්කර මෙසේ කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළඳ සැල් සැකසීමට හැකි අයගෙන් ලංකාවෙන්ම ටෙන්ඩර් කැදවීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය. කොළඔ නගරය තුළ මේ වන විටත් මෙවැනි ˝කිවු ශොප්˝ 20ක් ආරම්භ කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදන, කජු සංස්ථාවේ නිෂ්පාදන, රාජ්‍ය ඖෂද නීතිගත සංස්ථාවේ නිෂ්පාදන, ධීවර සංස්ථාවේ නිෂ්පාදන, රාජ්‍ය ග්‍රන්ථ දෙපාර්ථමේන්තුවේ නිෂ්පාදන ආදී සියලු රාජ්‍ය භාණ්ඩ සහ නිෂ්පාදන එකම වහලක් යටදී ˝ රජ වාසය ˝ තුළින් ඉදිරියේදී ජනතාවට සහනදායී මිලට ලබාගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ඒසේම මෙවැනි ශාඛා 25 ක් ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු ආරම්භ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
එසේම ස.තො.ස සහ සමූපකාර යන ආයතන වල පරිපාලනය සහ වෙළඳාම තවත් විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, ජී. රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරු කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මීට සහභාගී වූහ.