මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    සියළු රාජ්‍ය ආයතන නියමිත කාල සීමාව තුළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ යුතුයි - කෝප් කමිටුව

    දෙසැම්බර් 03, 2020

    නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තීරණය කර තිබේ.

    කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින් ලිඛිතව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මේ බව දන්වා යවා ඇති අතර, තම අමාත්‍යාංශයන් යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට දින 150ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි සිය වාර්ෂික වාර්තා සකස් කළ යුතු බව එහි සඳහන් වේ.

    පසුගිය නොවැම්බර් 24 වැනිදා රැස්වූ කෝප් කමිටුව රාජ්‍ය ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් නියමිත කාල සීමාව තුළදී වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට එවා නොමැති බවට නිරීක්ෂණය කර තිබේ.

    මේ හේතුවෙන් බොහෝ විට ලැබෙන වාර්ෂික වාර්තා වල යල් පැන ගිය තොරතුරු ඇතුළත් වන බවත් ඒ හේතුවෙන් නිසි කාලසීමාවන්හිදී අදාල වාර්තාවල දත්තයන්ට අනුව පියවර ගැනීමට නොහැකි වී ඇති බවත් කෝප් කමිටුව නිරීක්ෂණය කර තිබේ.
    මේ බව තම අමාත්‍යාංශයන් යටතේ ඇති සියළුම ආයතන වල සභාපතිවරුන්ට සහ ප්‍රධානීන්ට වහා දන්වන ලෙසද මහාචාර්ය හේරත් මහතා යැවූ ලිපියේ සඳහන් වේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya