මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    පොලිස් නිලධාරින්ට සිදු වූ අසාධාරණකම් සහ අඩුපාඩු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

    දෙසැම්බර් 03, 2020

    පොලිස් නිලධාරින්ට සිදු වූ අසාධාරණකම් සහ අඩුපාඩු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවේ නිර්දේශ ලැබුණු විගස පොලිස් නිලධාරින්ගේ අහෝසි වී ගිය බටා මුදල නැවත ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    තවද එම බටා මුදල වැඩි කිරීම සඳහා අවධානය යොමු කර ඇතැයිද ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ලැබෙන ආහාර දිමනාවද ඉදිරියේදී පොලිස් නිලධාරින්ටද ලබා දීම සඳහා අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මෙහදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ දැනට නවීකරණය කළ යුතු පොලිස් ස්ථාන පිළිබඳව මේ වන විට හඳුනාගෙන ඇති බවයි. පොලිස් ස්ථාන 07ක ඉදිකිරීම් කටයුතු සහ පොලිස් ස්ථාන 10ක නවීකරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. දිවයින පුරා පොලිස් ස්ථානයන්හි පවතින වැසිකිළි සහ සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියා කිරීමටද මේ වන විටත් පියවර ගෙන තිබේ. මීට අමතරව අළුත්වැඩියා කළ යුතු භට නිවාස පිළිබඳව ද හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී එම භට නිවාස නවීකරණය කරන බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya