මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමට පියවර

    දෙසැම්බර් 03, 2020

    දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු මේ වන විටත් සිදු වන බවත් එළැඹෙන මාර්තු මාසය වන විට උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල ලබා දීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

    අද(03) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විභාග කොමසාරිස්වරයා පැවසුවේ උසස් පෙළ විභාගය ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වූ බවත් ගුණාත්මක භාවය ආරක්ෂා වන පරිදි එම පිළිතුරු පත් ඇගයීම් කටයුතු සිදු වන බවයි. විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු ප්‍රවීණ ගුරු මණ්ඩලයක් මෙම ඇගයිම කටයුතු සඳහා සම්බන්ධ කර තිබේ.පසුගිය නොවැම්බර් 25 දින විෂයන් 13ක පිළිතුරු පත් ඇගයීම ආරම්භ කළ බවත් එළැඹෙන දෙසැම්බර් 10 දා සිට දිවයින පුරා නගර 10කදී ඇගයීම් මණ්ඩල 410ක් ක්‍රියාත්මක වන බවද ඒ මහතා කිය.

    කොළඹ නගරයේ පන්නිපිටිය සහ මහරගම නගර ආශ්‍රිවතව නව ඇගයීම් මණ්ඩල සම්බන්ධ කර ගැනීමටද බලාපොරොත්තු වේ. අදියර වශයෙන් ආරම්භ කරමින් මෙම පිළිතුරු පත් ඇගයීම සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වන බවත් සනත් පූජිත මහතා පැවසීය.

    විභාග පරීක්ෂකවරුන්ගේ ඇගයීම් සහ ප්‍රවාහන දීමනාද වැඩි කිරීමටද රජය පියවර ගෙන තිබේ. සාමාන්‍ය පෙළ සම්බන්ධයෙන්ද ප්‍රශ්න පත්‍ර සැකසීමේදී ශිෂ්‍යයා කෙරෙහි අවධානය යොමු කරමින් එම කටයුතු සිදු කරන බවද කොමසාරිස්වරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya